අළුත්ගම -කන්දේ විහාරය

කොළඹ ගාලු පාරේ අළුත්ගම ආසන්නයේ ඇති කළුවාමෝදර ගග අසලින් හැරී කිලෝමීටර් 2 ක් පමණ ගිය විට කන්දේ විහාරයට ලගා වීමට පුලුවන.අළුත්ගම කන්දේ විහාරය දර්ශනීය කදු ගැටයක් මත පිහිටි සුන්දර පින්බිමකි.රාජාධිරාජසිංහ රජ සමයේ ආරම්භ වුන මෙම විහාරය දේශීය මෙන්ම විදේශීය බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පින්කෙතක්.....


මෙහි පැමිණෙන බැතිමතුන්ගේ දුක් දොම්නස් දුරලන අපුරු බලයක් කන්දේ විහාරයට තිබෙන බව බැතිමතුන් සලකනවා.අම්මාවරු තම කුලුදුල් දරුවා බුදුන් පුදන්නට රැගෙන එන්නේ කන්දේ විහාරයට.කුඹුරේ අස්වැන්නේ අග්‍ර කොටස දානය ලෙස පූජා කරන්න එන්නේ කන්ද විහාරයට. වන්දනාවේ යන බැතිමතුන් කරදරයක් නැතිව තම ගමන යාමට බාරහාර වෙන්න එන්නේ මේ පුණ්‍ය භූමියට......


මෙහි මනරම් පරිසරයක පිහිටා ඇති බෝධිය,දාගැබ,පිළිමගෙය ,දේවාල බැතිමතුන්ගේ දුක් දොම්නස් ඈත් කර සිත තුල සුවයක් සැහැල්ලුවක් ඇති කරන්න සමත්වේ.රියන් 107 යුත් හිදි බුදුපිළිම වහන්සේ කන්දේ විහාරයේ අභිමානය වැඩි කරන්නක්......


Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment