පෘථිවියේ තෙතමනය වැඩිම නගරය චෙරාපුංජි

ලොව තෙතමනය වැඩිම නගරය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර කදුකරයේ පිහිටි ‘චෙරාපුංජි‘ නගරයයි.මෙහි ජනගහණය 10000 ක් පමණ වේ .චෙරාපුංජි පිහිටා ඇත්තේ ඉන්දියාවේ බටහිර දේශසීමාව අසල දකුනු සානුවේ කෙලවරයි.බෙංගාල බොක්කේ ඇතිවන ආර්ද්‍රතාව මුලින්ම ස්පර්ශ වන්නේ චෙරාපුංජි කදු මදුන් වලටයි.ඉන් ඇතිවන වැසි වැටෙන්නේ ශුෂ්ක ගස් කැපීම නිසා මුඩු බිම් බවට පත්ව ඇති ප්‍රදේශවලටයි.එහි ජලය එක්රැස්වීමට වැව් හො  ජලාශ නොමැති නිසා වැසි ජලය වේගයෙන් කදුපාමුලට ගලා විත් බංග්ලාදේශ නිම්නය ඔස්සේ ගලායයි.

වාර්ෂිකව  චෙරාපුංජි‘ නගරයට මිලිමීටර් 11,430 ක වර්ෂාපතනයක් ලැබේ. චෙරාපුංජි‘ පිහිටා ඇත්තේ අඩි 4500 ක් උසින් ‘කෂී‘ කදුකරයේ බෙංගාල බොක්කේ සිට සිට හමන සුළගට  මුහුණලාය. බෙංගාල බොක්කේ සිට එන නිරිතදිග මෝසම් වැසි ඉන්දියාවට ඇතුළුවන්නේ ‘ගංගා‘ නම් ගගේ මෝය  හරහාය. කාලගුණ වාර්තා අනුව ජුනි සහ සැප්තැම්බර් මාසය අතර කාලය තුල වර්ෂාව ලැබෙන්නේ කදුකරයට ඉහලින් මතුවන වැසි වලාකුළු වලින්. සීත කාලයේදී වයඹ දිග මෝසම් වැසි ඇද හැලෙන අතර එයින් ලැබෙන ජලය ‘බ්‍රහ්මපුත්‍ර‘ නිම්නය හරහා ගලාබසී.

චෙරාපුංජි‘නගරය ගිනස් වාර්තා පොතටද එක්වී ඇත්තේ වසරක ලැබූ වැඩිම වර්ෂාපතනය හා එක් මසකදී ලැබූ වර්ෂා පතනය නිසයි.වාර්ෂිකව මෙසේ විශාල වැසි ඇද වැටුනත් චෙරාපුංජි‘වැසියන් උග්‍ර පානීය ජල හිගයකට මුහුණපා සිටී.එයට හේතුව මෙතරම් වැසි වැටුනත්  එම වේගවත් ජල ධාරා රදවා ගැනීමට නිසි වාරි මාර්ග පද්දතියක් නැතිවීමයි.ගස් කැපීම නිසා ජලය රදා සිටුවීමක් සිදුවන්නේද නැත.සිදුවන පරිසර විනාශ හා ගෝලීය උණුසුම ඉහල යාම නිසා චෙරාපුංජි‘ නගරයේ තෙතමනය අඩුව යාහැකි බව පරිසර වේදීන් බිය පලකරති.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment