පුරාණ ඊජිප්තුවේ පිරමිඩවල සැගවුණු රහස්


ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ආදිතමයන් මළමිනී වල දැමීමආරම්භ කල මුල් කාලයේදී ඒවා ඇතැම්විට කිසියම් රෙදි කඩකින් ආවරණය කර ,පසට යට කරන්නට ඇත.එහෙත් පසු කාලයකදී ඔවුන් එම සිරුරු බට පතුරුවලින් සාදන ලද පැසක දමා වල දැමූබවට සාක්ෂි හමුවී තිබේ.ඒ අනුව ගිනියම් වැල්ලේ දිගු කලක් තිබීමෙන් ඒවා විජලනයට පත්වීම හේතුවෙන් ඒවා ඉක්මනින් දිරා පත් නොවූ නිසා ,ආගමික හා සංස්කෘතික මතවාදයන් සමාජය තුල ඉස්මතු වීමෙන් “මරණින් මතු ජීවිතය“වැනි කාරණා කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානයට ලක් වුණා.
ඒ නිසාම මළ සිරුරු භූමදාන කටයුතු වලදී ලී පෙට්ටි සහ මැටි භාජන යොදා ගැනීමට ඔවුන් යොමු විය.ඒ අනුව පසු කාලීනව මෙම ක්‍රියාවලිය සදහා සම්මත ක්‍රමවේදයක්ද  ආගමික වතාවත් මාලාවක්ද ස්ථාපනය වී තිබේ.
නූතන මිනිසා විසින් සොයාගන්නා ලද පැරණිතම මමිය මීට වසර 5300 කට  පෙර නිම කරන ලද්දකි.“ජින්ජර්“ නමින් හදුන්වන එම මමිය දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක තැන්පත් කර ඇත.මෙම මමිය තිබූ වළෙහි මැටි වලං කීපයක්ද හමුවී ඇති අතර ,එය ආගමික චාරිත්‍රයක් ඉටු කිරීමෙන් පසු තැන්පත් කළ ශේෂයන් ලෙස සැලකේ.කෙසේ නමුත් මෙය “මමියක්“ බවට පත්ව ඇත්තේ අධික උණුසුම වියළි වාතය වැනි වැනි ස්වාභාවික හේතු නිසාය.
 මමීකරණ ක්‍රියාවලිය
ඉපැරනි ඊජිප්තු ශිෂ්ඨාචාරයෙහි මළ මිනී “සංරක්ෂකයන්“ ලෙස කටයුතු කලේ සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්ත පුද්ගලයන් බවට සාක්ෂි ලැබී ඇත.ඔවුන්ට මානව “කායච්ඡේද විද්‍යාව“ පිළිබද  මනා දැනීමක්  හා ප්‍රායෝගික අවබෝධයක් තිබූ අතර , සාම්ප්‍රධායික ඊජිප්තු අවමංගල චාරිත්‍රඅකුරටම පිළිපැදි පුද්ගලයන් බව පෙනීයයි.ඔවුන් එම කාර්යය කැපවීමෙන් හා පාරිශුද්ධත්වයෙන් කල යුතු කාර්යයක් ලෙස සලකා ඇත.
මමීකරණ ක්‍රියාදාමයට ලක් වූයේ රාජකීය පැලැන්තියේ පුද්ගලයන්ය.එහිදී අදාල පුද්ගලයා මිය ගිය වහාම කෙරෙන ප්‍රථම කාර්යය වන්නේ ,සංරක්ෂකයන් විසින් එම මල සිරුර දින 70 ක් හෝ ඊට වැඩි කාලයක් තබා ගැනීමට හැකි වන පරිදි ප්‍රාථමික සංරක්ෂණයක් කිරීමයි.ඒ අතරතුර පෙදරේරුවන් විසින් මිය තැන්පත් කිරීම සදහා අවශ්‍ය “සොහොන් ගෙය“සාදනු ලැබේ.ඉන්පසුව මීකරණ ක්‍රියාවලිය ආරම්භ කෙරෙන අතර එහිදි පහත පියවර අනුගමනය කරයි.
*ඉක්මනින් දිරාපත් වීම වැළැක්වීම සදහා මළ සිරුරේ ඇති මෘදු  අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ල ඉවත් කෙරේ.අනිකුත් සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉවත් කලද ,හදවත ඉවත් නොකෙරේ.
*අනෙකුත් ඉවත් කල සියලුම ඉන්ද්‍රියයන් කැනපික් බදුන්  හතරකට දමනු ලැබේ.මෙම භාජනවලින් ‘හෝරස්ගේ“
පුතුන් හතරදෙනා සංකේතවත් කෙරේ.(හෝරස් යනු පාරාවෝ රජවරුන්ගේ අවතාරය ලෙසින් සැලකෙන දෙවියා ය.)මමිය සොහොන් ගත කිරීමේදී එම භාජනද තැන්පත් කෙරේ.
*අභ්‍යන්තර ඉන්ද්‍රියයන් රහිත එම මළ සිරුරඉන්පසුව ඉහල මධ්‍යසාර ප්‍රතිශතයකින් යුතු වයින් විශේෂයකින් නහවනු ලැබේ.එමගින් වියෝජක බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය අවම කෙරේ.
*අනතුරූව ලිනන් රෙදි කැබලි මත “නේට්‍රෝන්“නමින් හැදින්වෙන ලවණයක් තබා ,සාදා ගන්නා ලද පොට්ටනි වලින් හිස් ,උදර කුහරය පුරවනු ලැබේ.ඊට සමගාමීව හෘදයේ වම් පැත්තේ සහ මුළු සිරුරම නෙට්‍රෝන් ස්ථරයකින් වසනු ලැබේ.
*මෙලෙස සකස් කරන ලද මළ සිරුර ඉන්පසුව ලිනන් ලිනන් රෙදි විශාල ප්‍රමාණයක් යොදා ගෙන තදින් වෙළණු ලැබේ.එම වෙළීම කර න අතරතුර එම රෙදි කට්ටකුමංජල් සහ අගිල් වැනි දෑ අඩංගු උණු රෙසින් ස්ථරයක් තැවරීම නිසා සම්පූර්ණයෙන්ම වායුරෝධක තත්වයට පත්වෙයි.මෙම ආකාරයට සකස් කළ මමිය ඉන්පසුව පේටිකා හෙවත් මිනී පෙට්ටිය තුල තැන්පත් කිරීම  සිදු කරයි.ඉන්පසුව මෙම මිය සහිත පේටිකා සොහොන් ගැබෙහි තැන්පත් කෙරේ.
ඊජිප්තු මමී සොහොන්ගත කිරීම
ඊජිප්තු මමියක් සොහොන්ගත කිරීමේ චාරිත්‍ර හා පිළිවෙත් මියගිය පුද්ගලයා එවකට දැරූ සමාජ තත්වය මත රදා පවතී.සුළු නිළධාරියෙක් නම් ,මමිය කුඩා සොහොන් ගැබක හෝ ප්‍රභූ සොහොන්ගැබක් අයිනක තබා ඇති බව පෙනේ.එහෙත් උසස් නිළධාරින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ‘මමි‘ සිතුවම් හා කැටයම්වලින් අලංකෘතවටිනා පේටිකා තුල තැන්පත් කර එබදුම සැරසිලි සහිත සොහොන් ගැබක තබයි.එසේම පාරාවෝ වැනි අති උසස් පුද්ගලයන්ගේ මමි දරා සිටින අභ්‍යන්තර පේටිකාව බොහෝවිට රත්තරං හෝ වටිනා ලෝහයකින් සාදා ඇති අතර බාහිර පේටිකාව අතිශයින්ම අලංකාර කරන ලද “ගල් වලින් “ සකසා ඇත.මෙවැනි උසස් පුද්ගලයන්ගේ මමි තැන්පත් කිරිමේදී පුජකවරයෙකු විසින් මිනී පෙට්ටියේ හෝ මමියේ මුඛය පිහිටි ස්ථානයට ශුද්ධ වූ සැරයටියකින් තට්ටු කිරීමේ චාරිත්‍රයක් තිබි ඇත.එම ක්‍රියාවේ අනුහසින් මිය ගිය පුද්ගලයාට ඉදිරි ආත්ම භාවයේදී හුස්ම ගැනිමේ හා කතා කිරීමේ හැකියාව ලැබෙන බවට ඔවුන්ගේ විශ්වාසය විය.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment