රාම රාවණා යුගය දක්වා ඈතට යන ගල්ල ඉතිහාස කථාව

වර්තමාන ගාල්ල අතීත රුහුණු රාජධානියේ කොටසක් වුණා.ගාල්ලේ පිහිටි ස්වාභාවික වරාය නිසා පෙරදිග හා අපරදිග වෙළදුන් ගැවසුනු ජාත්‍යන්තර වෙලද මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල ප්‍රසිද්ධියට පත්වුණා.ඇතැම් ග්‍රීක වාර්තා අනුව ක්‍රි.ව.4 වැනි සියවස තරම් පැරණි යුගයක සිට ගාල්ල වෙළද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්වී  තිබෙනවා.‘කලාක්‘ යන්න ගාල්ල සදහා භාවිතා වුනු පැරණි නමක්.
ගාල්ලේ පුරාවෘත්තය ආදි යුගයක් දක්වා දිව යන්නේ ගාලු වරායට ආසන්න තැනක රෝග සුව කිරීමට විශ්මිත බලයක් ඇති ඖෂධීය පැල වැවෙන රක්ෂිතයක් ගැන හින්දු මහා කාව්‍යයක් වන  රාමායණයේ සදහන් වන පිළිගැනීම නිසාය.පුරාවෘත්තය අනුව රාමගේ සොහොයුරු ලක්ෂ්මණ යුද්ධයේදී තුවාල ලැබූ නිසා ඔහු සුවපත් කිරීමට අවශ්‍ය ඖෂධ සොයාගෙන ඒමට හනුමන්තා ඉන්දියාවේ හිමාලයට යවනු ලැබීය.ඖෂධය සොයා ගැනීමට නොහැකි වුන නිසා හනුමන්තා හිමාලය කන්දේ කොටසක් ම ලංකාවට ගෙනාවේලු.එය නැවත රැගෙන නොගිය නිසා එම ඔෂධ සහිත කන්ද ගාල්ලට නුදුරුව ඇති රූමස්සල ලෙසින් ජනප්‍රවාදයේ දැක්වේ.
අරාබි දේශාටකයෙකු හා නාවිකයෙකු වූ ඉබන් බතූතා ක්‍රි.ව.1344 දී ගාල්ලට පැමිණ ඇත. 14 වන සියවස වන විට ගාල්ලේ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වරායක් පිහිටා තිබුණි.චූලවංශයේ ගිංගග  මෝදර පැවති ගිංතොට නමැති වරායක් ගැන සදහන්වේ.14 වැනි හා 15 සියවස් වලට අයත් මයුර ,තිසර,පරෙවි ,කෝකිල සංදේශ   කාව්‍යයවල මෙම නගරය ගැන විස්තර සදහන් වේ.
ගාල්ල වරාය තුල ඇති ගල් නැංගූරම හා ජා කොටුව වැනි ස්ථාන  ගැන සොයා බලන විට  මෙහි අතීතයේ සිට පැවති අරාබි වෙලද සම්බන්ධතා  ගැන සාධක මතුවේ.ගාල්ල අත්පත් කරගත් ප්‍රථම විදේශීය ජාතිකයන් වූයේ පෘතුගීසින්ය.වරායක් ලෙස පෘතුගීසින් ගාල්ල භාවිතා කලද,විධිමත් ආරක්ෂක සංවිධානයක් ඔවුන් සිදුකලේ නැත. ක්‍රි.ව.1588 දී සිංහල හමුදා කොළඹට පහර දුන් විට පෘතුගීසිහු නිරිතදිගින්  ගාල්ලට පැමිණ එහි කොටුවක් සදා ශක්තිමත් කලහ.පසුව ලන්දේසින්ගේ පාලනයට නතුවූ ගාල්ල 1796 දී බ්‍රිතාන්‍යයන් යටත් කර ගන්නා ලදී19 වැනි සියවසේ කොළඹ වරාය දියුණු වන තෙක්ම භාවිතා කලේ ගාල්ල වරායයි. පිහිටීම අතින් වැදගත් වූ නිසා ගාල්ල ක්‍රි.ව.1833 දී දකුනු පළාතේ සීමා නිර්ණයේ දී එම පළාතේ අගනුවර ලෙස තෝරා ගන්නා ලදී.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment