සෞභාග්යය උදාකරන ශිව දෙවි වන්දනාව



ශිව දෙවිදු යෝග දර්ශනයේ අධිපති දෙවියන්ය.‘යෝග‘ශිව දෙවියන් විසින් මනුෂ්‍යයයාගේ කායික හා මානසික ශක්තිය ලබා ගැනීම සදහා සෘෂීන් වහන්සේලාට ප්‍රදානය කල උතුම් දායාදයකි.සෘෂීන් වහන්සේලාගෙන් ,ස්වාමිවරුන්ටද,ස්වාමිවරුන්ගෙන් සාමාන්‍ය මිනිසුන් හටද  මේ උතුම් දායාදය ලැබිණි.එලෙසින්ම යෝග යනු අති උතුම් පූජනීය දර්ශනයකි.එය ඉගෙන ගැනීම ප්‍රවේශමෙන් කල යුත්තකි.එමෙන්ම නිවැරදිව යෝග හැදෑරීමෙන් මනා සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් සිරුරක් හිමි කර ගැනීමට පුලුවන්.ඒ සදහා ගයාත්‍රී ,ශිව ආදී බලවත් මන්ත්‍ර සමගින් භාවිතා කිරිමෙන් අති විශිෂ්ඨ ප්‍රතිඵල ලැබිය හැකිය.ඉතා බලවත් මහා මන්ත්‍රයක් වන මහා මූර්දංජය නැත්නම් ශිව මන්ත්‍රය උදේ සවස ගායනා කිරීමෙන් ,ඇසීමෙන්  ඔබට බොහෝ යහපත් ප්‍රතිඵල අත් පත් කර ගැනීමට හැකියාව ලැබේ.

බලගතු ශිව මන්ත්‍රය

ඕම් ත්‍රියම්බකම් යජාමහේ

සුගන්ධිම් පුෂ්ටි වර්ධනම්

උර්වාරුකමීව බන්ධනාත්

මෘත්යෝර් මෝක්ෂීය මාම් මෘතාත්

සාමාන්‍යයෙන් ශිව පිළිම නිවසේ තබා ගැනීම නොකල යුතු දෙයක් ලෙසට සාමාන්‍ය ජනතාව අතර තියෙන විශ්වාසය සාවාද්‍ය එකකි.යහපත,සෞභාග්‍යය ,සශ්‍රීකත්වය විනා කිසිදු ආපදාවක් ඉන් ඔබට සිදු වන්නේ නැත.ජ්‍යේතිෂය දන්නා බොහෝ දෙනා ශිව මන්ත්‍රය ප්‍රස්තාර ගත කොට පලදින අතර එය මහා මෘතජකී වශයෙන්ද සලකයි.මෙම බලගතු මන්ත්‍රය ඔබට වඩාත් අත්හදා බැලිය හැක්කේ කරදර අපල උපද්‍රව තිබෙන කාලයටය.

ඉතා පිරිසිදුව භාවනායෝගීව මහා ශිව යන්ත්‍රය ගායනා කල හැකි ඔබට යහපතක්ම සිදුවේ.එය ශිව පිළිමයක් අබියස හෝ එසේත් නැතිනම් ශිව දේවාලයක්  වෙත ගොස් 7 වරක්  හෝ 21 වරක් එක දිගට ගායනා කල යුතුය.නොඑසේනම් ශිව දෙවිදුන්ගේ ආකර්ශණිය යෝගාසන‍ය වන පද්මාසනයේ රැදී සිටිමින් ශිව මන්ත්‍රය ගායනා කලයුතුය.ඔය උදෑසන හෝ සවස ගායනා කල හැකි නම් නිසැක ප්‍රතිඵල ලැබේ.මෙම මහා මන්ත්‍රය ඔබ උදෑසන යෝග ආරම්භයට ප්‍රථම බ්‍රහ්ම මුහුර්තයෙන් ගායනා කිරීම ඉතා යහපත්ය.එමෙන්ම හැකි සෑම වෙලාවකදීම ගායනා කිරීම යහපත්ය.එමගින් ශිව දෙවියන්ගේ ආදරයට කරුනාවට පාත්‍ර වේ.මෙහි සුවිහේෂි බලය  වන්නේ මෙය කාලයක් ඔබ ගායනා කරන විට නිදි යහනේදී දිප්තිමත් ආලෝකයක් සහිතව ශිව දෙවිදුන්  භක්තිමත් ඔබ අභියස සිට ඔබට යහපත් ලෙසින් කාර්ය සිද්ධි සලසන බවය.

*රාත්‍රී නිදි යහනට යෑමට ප්‍රථම වාර 9ක් කියා නිදා ගැනීම තුලින්  ශිව දෙවිදුගේ ආකර්ශණයට පාත්‍ර වේ.ඒ සමගම ඔබ තුල හට ගන්නා අයහපත් සිතුවිලි  පලායාමෙන් සුවබර නින්දක් නිරෝගී ජීවිතයක්  ලබා ගැනීමට හේතුවේ.

*වාහනයේ සුක්කානමට අත තැබිමට ප්‍රථම වාර 3ක් කීමෙන් ඔබේද වාහනයේද ආරක්ෂාව සැලසේ.

*දිනකට 108 වරක් ගායනා කල හැකි නම් නිසැක සෞභාග්‍යය දියුනුව සැලසේ.

*ඔබ ගන්නා ඖෂධ මෙම මන්ත්‍රය 9 වරක් ගායනා කිරීමෙන් පසු ගන්නේ නම් ඒවා දිව්‍ය ඖෂධයක් ලෙසින්ම ඔබට සුවය ලැබේ.

*ඔබේ ව්‍යාපාරයේ ,නිවසේ,ධනහානි ,ආර්ථිකය අඩාලවන්නේ නම් පහත සදහන් පිලිවෙතින් සහනයක් ලැබිය හැක.

   වතුර වීදුරුවක් ගන්න.එම වතුර වීදුරුව ගෙන උතුරු දෙසට හැරී වාඩි වෙන්න.එම ජල වීදුරුව දකුනතින් ඔසවාගෙන වාර 108 ක් මහා ශිව මන්ත්‍රය  ගායනා කරන්න.ඉන්පසු එම වතුර ඔබගේ නිවස තුලත් ,ව්‍යාපාරික ස්ථානයෙත් ඉසින්න.පසුව එම වතුර තේ හැන්දකින් නිවසේ අයට ,ඔබේ ආදරණීයයන්ට  බැති සිතින් පානය කිරීමට දෙන්න

*ඔබේ ආදරණීය අයෙක් කිසියම් භයානක රෝගී තත්වයකින් සිටී නම් ප්‍රතිකාර ගන්නා අතරතුර මෙම මන්ත්‍රය ඇසීමට සලස්වන්න.එම රෝගයේ වේදනාව සුව වී යනු ඇත.

* ඔබට අනතුරු එළෑඹ ඇතැයි ජ්‍යේතිශවේදියා කියන්නේ නම් මෙම මන්ත්‍රය ගායනා කිරීමට පටන් ගන්න. එමගින් ක්ෂනික අනතුරු,හදිසි උවදුරු  දුරු වෙයි

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment