පිරමිඩ වල විශ්මිත බලය



විශ්වයේ සමහර දෑ දෘෂ්‍යමානය.සමහර දෑ ගුප්තය.පිරමිඩ සතු ශක්තියද එවැනි ගුප්ත ශක්තියක් මත ක්රියාත්මක වන්නකි.එහි පවත්නා අද්භූත ශක්තිය කොයිතරම් ද යත් එය ඔබේ ජීවිතයේ  විවිධාකාර බලාපොරොත්තු ඉටුකරමින් ඔබේ වාසනාව නොසිතූ ලෙස උදාකර දීමටද හේතුවේ.

පැරණි ඊජිප්තුවේ , මිසරයේ  පිරමිඩ තුල තැන්පත් කර තිබූ ‘මමි‘ අවුරුදු දහස් ගණන් ගියද  විනාශ නොවී පවතින ආකාරය කාට කිව නොහැකි වුවද  ඒවා නිර්මාණය කර ඇති ආකාරයට එමගින් විශ්ව ශක්තිය ඇද ගන්නා බවටත් එමගින් ඇතිවන අපුර්ව බලයක් මත මමී  විනාශ නොවී පවතින බවටත් සදහන් වේ.

එසේම සාමාන්‍ය ආකාරයට නිර්මාණය කර ගත් පිරමිඩ අනුරුව භාවිතා කිරීමෙන් බ්ලේඩ් තල මුවහත් වීම,තේ කෝපිවල රස ‍වැඩි වීම,නළ ජලය මෘදුබවට පත්වීම,ආහාර කල්තබා ගැනීමට හැකිවීම,පලතුරු එලවළු ඉදවා ගැනීම,බැටරි පණගැන්වීම,ඖෂධ වල ගුනාත්මක භාවය වැඩිවීම යන දෑ අසාමාන්‍ය ලෙස සිදුවේ.

එසේම හිසරදය,සුව නොවන තුවාල සහ එයින් දැනෙන වේදනාවද,ආතරයිටිස් වේදනාවන්,තුනටිය වේදනාවන් වැනි දෑ බහුලව දැනෙන විට පිරමිඩ ශක්තිය උපයෝගී කර ගැනීමෙන් නොසිතූ විශ්මිත ප්‍රතිඵල අත්විදිය හැක. සමහර දෑ ඉෂ්ඨ සිද්ධ වන්නා වූ අයුරු අපට දැනෙන නමුත් එය ඇසින් භෞතිකව ඇසින් දැකිය නොහැකිය

පිරමිඩ ශක්තියෙන් අපේ ජීවිතයට යහපත උදාකරගන්නා හැටි

*නිවසක වාස්තු දෝෂ පවතී නම් නිවසේ කොන් සතරට  මධ්‍යම ප්‍රමාණයේ පිරමිඩ 4ක් තබන්න. 

*ඔබේ දරුවා ඉගෙනීමට දක්ෂ අයෙකු කිරීමට නම් ඔහුගේ /ඇයගේ පාඩම් කරන මේසය මත කුඩා පිරමිඩයක්           තබන්න.

*වෙළද ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මුදල් තබන ලාච්චුවත්  එම මේසය මතත් කුඩා පිරමිඩ එක බැගින් තබන්න.

*රෝගාබාධ වලින් ඉක්මන් සුවය ලැබීමට  ලොකු පිරමිඩයක් තනා ඒ තුල ඔබ භාවිතා කරන ඖෂධ හා ජලය                                                                                      වීදුරුවක්ද තබා උදෑසනම භාවිතයට ගන්න.

* ඔබ රූප සොබාව  ගැන උනන්දුවන අයෙක් නම් ඉතා කුඩාම පිරමිඩයක් ගෙන රාත්‍රියට ඔබ හිස තියනා කොට්ටය තුලට දමන්න.

*ඔබේ වාහනයට ඇතුලත සාමකාමී බව හා ආරක්ෂාවට කුඩා පිරමිඩයක් ඩෑෂ් බෝඩ් එක මත අලවන්න.

* පැළ තවානක පිරමිඩයක ආකෘතිය තබන්නනේ නම් එහි වර්ධනය වේගවත් වේ.

* ඔබ නිවසක අත්තිවාරමක් කපන විට එහි කොන් 4 ට කුඩා පිරමිඩ 4 දැමුවහොත් ඔබේ ජීවිතයේ සෞභාග්‍යය උතුරා යනු ඇත.

* නිතර ලෙඩ රෝග වලට මුහුණ දෙන අය ඉතාම කුඩා ප්‍රමාණයේ පිරමිඩයක් ගෙල පැලදීමෙන් විශ්මිත ප්‍රතිපල අත් කර ගතහැක.

පිරමිඩය නිවරදිව නිර්මාණය කරන හැටි


ඔබ තනා ගන්නා පිරමීඩය කාඩ්බෝඩ් ,තඹ, පිත්තල,රන් රිදී ආදී කුමකින් තැනුවද එහි නිවැරදි හැඩ තලය ගැන ඔබ සැලකිලිමත් විය යුතුය. එය අගලේ සිට පාද සමාන වන ආකාරයට සමපාදව සකසා ගත හැකිය.සරලව කියන්නේ නම් උස අගල් 6ක් වන පිරමිඩයක පලලද ,දිගද එක සමානව ගත යුතුය.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment