සමනොල කදු මුදුනේ පිහිටා ඇත්තේ බුදුරදුන්ගේ සිරිපා සටහනද නැතිනම් ආදම්ගේ පා සටහනද?

ශ්‍රීපාදස්ථානය බෞද්ධයන් හැරුණු විට හින්දු ,මුස්ලිම් ,සහ ක්‍රිසතියානි යන අන්‍ය ආගම් අදහන පුද්ගලයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි.දෙමළ ජාතික හින්දු භක්තිකයෝ සිරිපා සටහන සිවනෝලි පාදම් යනුවෙන් හදුන්වති.එහි අරුත ශිව දෙවියන්ගේ ආලෝකය දෙන පාදය යන්නයි.අතීත ප්‍රවාදවලට අනුව රාම කුමරු සීතා කුමරිය සොයා ලක්දිවට පැමිණි අවස්ථාවේ දෙව්ලොව ආලින්දය ලෙස සලකා සමනොල කදු මුදුනේ නතර වුනු බැව් සදහන් වේ.රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන විත් සමනොල කදු මුදුනේ සගවා තැබූ බවත් ,සීතා කුමරිය දිය නෑ ගගුල ,ශීත ගගුල වූ බවත් ජනප්‍රවාදයේ කියවේ.
ශ්‍රී ලංකාව ආක්‍රමණය කල පෘතුගීසින් ශ්‍රී පාදය හදුන්වා ඇත්තේ ‘පී,කෝ ද ඇඩම්‘ යනුවෙනි.ඉංග්‍රිසි ජාතිකයෝ ශ්‍රී පාදය ‘ඇඩම්ස් පීක්‘ යනුවෙන් එදත් ,අදත් හදුන්වති.එනම් ඇඩම්ස් (Adam’s) යන්නෙන් ආදම්ගේ යන්නත්,පීක් (Peak) යන්නෙන් කදු මුදුන යන්නත් අරුත් ගැන්වේ.
ශුද්ධ වූ බයිබලයේ  පැරණි තෙස්තමේන්තුව හීබෘ බසින්  ලියූ ග්‍රන්ථයකි.කිතුනුවන්ගේ මුදුන් මල් කඩක් වූ ශුද්ධ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ දෙවියන් වහන්සේ විසින් මවන ලද මුල්ම මිනිසා ආදම් යනුවෙන් හදුන්වා තිබේ. දෙවියන් වහන්සේ විසින් ගස්වැල් සහ සතුන් සියල්ලම මවා ඉන්පසු  පොලවේ දුවිල්ලෙන් මිනිසා මැවූ  බැව් බයිබලයේ සදහන් වේ.මෙසේ දුවිල්ලෙන් මැවූ මිනිසා සියලු සම්පත් වලින් පිරුණු ඊඩන් උද්‍යානයේ පදිංචි කර ඇත.
මෙම උද්‍යානයේ ජීව වෘක්ෂය හා ඥාන වෘක්ෂය යනුවෙන් මහා වෘක්ෂ දෙකක් තිබී ඇත.දෙවියන් වහන්සේ ආදම්ට මෙම ඥාන වෘක්ෂයේ ගෙඩි අනුභව නොකළයුතු යැයි අණ කර ඇත.ඉන්පසු ආදම්ව තද නින්දකට යැවූ  දෙවියන් වහන්සේ ආදම්ගේ ශරීර අංගවලින් ඒවා නම් ගැහැණිය මවා ඇත.ඒවා යනු හීබෘෘ බසින් ඊව් (Eve) අරුත ගෙන දෙයි.ශුද්ධ වූ බයිබලය කියන අන්දමට ඒවා හෙවත් ඊව් ලොව පහළ වූ මුල්ම ගැහැනියයි. සාතන් හෙවත් යක්ෂයාගේ බසට යටවුණු  ආදම් සහ ඒවා තහනම් ගහේ ගෙඩි කෑවෝය. තහනම් ගසේ ගෙඩි කෑමෙන් තමක්ගේ අණ නොතකා කළ වරදට මේ දෙදෙනාව  දෙවියන් වහන්සේ විසින් ඊඩ්න් උද්‍යානයෙන් පිටුවහල් කල බව බයිබලයේ සදහන් වේ.
 පාරාදීසියෙන් පිටුවහල් කළ ආදම් සමනොල කන්දට පැමිණි බවත් ,එසේ පැමිණීමේදී මුල් පියවර සමනොල කදු මුදුනේ තැබූ බවත් සදහන් ඇතැම් ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.එහෙත් බයිබලයේ කිසිම තැනක සමනොල කන්දක් ගැන සදහන් වන්නේ නැත.බයිබලයේ සදහන් වන්නේ ආදම් සහ ඒවා පාරාදීසියෙන් පිටුවහල් කළ බව පමණි.මේ කරුණු අනුව සමනොල .කදු මුදුනේ ඇති පා සටහන ආදම්ගේ නොවන බැව්  සදහන් කළ හැකිය.
මුස්ලිම්වරුන්ද ලෝකය මැවීම පිළිගන්නා ජන කොටසකි.ඉස්ලාම් ඉගැන්වීම් වලට අනුව පාරාදීසියෙන් පිටුවහල් කළ ආදම්  පොළොවට පැමිණ මෙම කදු මුදුනේ තනි පාදයකින් සිටගෙන සිටීම නිසා පාදය එරී ගිය තැන  පිහිටි  පා සලකුණ  මෙය බව මුස්ලිම්වරුන්ගේ පිළිගැනීමයි.
                                                                                            -අමල් උඩවත්ත

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment