ඊ නිව්ස් මඩ වෙබ් අඩවියේ කතෘ සේනාධීරගේ වකුගඩු රෝගය උත්සන්න වෙයි.

දිගින් දිගටම මෙරට විනිසුරුවන්ට ,හා යුද ජයග්‍රහනයට උර දුන් නායකන්ට ,හමුදා නායකන්ට අපහාස කල ලංකා ඊ නිව්ස් නමැති මඩ වෙබ් අඩවියේ ප්‍රධාන කතුවරයා ලෙසින් නින්දිත මාධ්‍ය හැසිර වූ සදරුවන් සේනාධීර නමැත්තා දරුණු වකුගඩු ආබාධයකට ලක්ව ඇති බව  වෙබ් අඩවි රැසක් වාර්තා කරයි.

ඊ නිව්ස් නමැති මේ තක්කඩි වෙබ් අඩවිය පසුගිය කාලය පුරාවටම මෙරට විනිසුරුවන්ට අපහාස කරමින් අධිකරණය හා නීතිය හෑල්ලුවට ලක් කලේය.සදරුවන් සේනාධීර නමැත්තා අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත්ව තිබිණි.කරුණු එසේ වුවද බෙදුම්වාදී ත්‍රස්ථවාදී අදහස් වපුරන  මේ මඩ වෙබ් අඩවිය මහින්ද රාජපක්ෂ මැතිතුමා,ගෝඨාභය මැතිතුමා පමණක් නොව වත්මන් ජනපතිවරයා,පොලිස්පතිවරයාද නින්දිත ලෙසින් නිග්‍රහයට පත්කර ඇත.මෙරට ඇත්තේ ථේරවාදී බුදුදහම නොව ‘චෝරවාදී බුදුදහමක් බව පවසමින් බුදුදහමත් සගරුවනත් නින්දාවට පත්කරන මේ වෙබ් අඩවිය තුල එන්.ජී.ඕ කපුටන්ගේ සගරුවනට එරෙහි ප්‍රකාශ නිතර දෙවේලේ දැකිය හැක.

නිදහසින් පසු මෙරට සිදුවූ ලොකුම හොරකම වූ බැදුම්කර හොරකම ගැන එකදු වචනයක් හෝ නොපවසන මේ තුප්පහි වෙබ් අඩවිය ,එහෙම වී ඇත්තේ බැදුම්කර හොරුන්ගේ අසුචි මුඛයේ සිරවී ගොලුවී ඇති නිසාදැයි සාධාරණ සැකයක් මතු වේ.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment