සහරා කාන්තාරය



අප්‍රිකාවේ  පිහිටා ඇති සහරා කාන්තාරය අදින් වසර දහස් ගණනකට පෙර මහා කැලෑවක්ව තිබූ භූ ගර්භ විද්‍යාඥයෝ පෙන්වා දෙති.ඉතා ඈත යුගයේදී මුහුදක් ලෙසින් පැවති මෙය පසුව ඝන වනාන්තරයක් බවට පත්විය. අතීතයේදී මහා ගණ වනාන්තරයක් වූ මෙය අද විශාල කාන්තාරයක් බවට පත්වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු කරුණකි

.ඒ පිළිබද  පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥයන් හෙලි කල තොරතුරු අනුව  අදින් සියවස් ගණනාවකට පෙර ක්‍රි.පූ.10000  දී සිට පසට එකතු වන ලවණ  මෙම වනාන්තරය විනාශ වී යාමට හේතුවක් ලෙස  පෙන්වා දෙයි.මිනිස් පරිණාමයේ මුල් අවධියේ  සිටි ජන කොට්ඨාශයක් වන “පිශ්‍රොයිඩ‘ මානවයන් අදින් වසර දහස් ගණනකට පෙර මෙහි විසූ බව  පුරා ජීව විද්‍යාඥයන් හෙලි කර ගෙන ඇත.ඔවුන් ජලයේ විසූ සතුන් දඩයම් කරගෙන ආහාරයට ගත් බව  පුරා විද්‍යාත්මක සාධක අනුව පෙනී යයි. 

 සහරාවේ “ටයලි අජේර්“  නම් ප්‍රදේශයෙන් හමු වන ගල් ගුහාවල  පැරණි මානවයන් ඇද තිබෙන චිත්‍ර වලට සමාන චිත්‍ර රටාවක් ලොව කිසිදු තැනකින් හමු නොවීම සුවිශේෂ කරුණකි. දකුණු අප්‍රිකාව තුල පිහිටි  මෙම සහරා කාන්තාරය  දිගින් කිලෝමීටර් 5150 ක්ද,පළලින් කිලෝමීටර් 1610 ක්ද  වේ. බටහිර  කොටසේ සීමාව අත්ලන්තික් සයුර දක්වාද, නැගෙනහිරින් ඉරාකයේ රතු මුහුද දක්වාද විහිදී යයි.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment