පැරණි සිංහලයන්ගේ බලකොටුවක් වූ රිටිගල රක්ෂිතය



රිටිගල ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ශය දක්වා දිවෙන ඉතිහාසයක් ඇත් ප්‍රෙද්ශයකි. මහින්දා ගමනයට  පසුව ඒ කාලයේ  පැවිදි වී රහත් තාවයට පත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේ මෙහි වැඩ සිටි බව පැවසේ. සිරිලක ඇති පුරාවෘත්ත අනුව රිටිගල කන්දේ ඉතිහාසය ඊටත් බොහෝ ඈතට දිව යයි. ඒ එම කතා අනුව රාම රාවණා යුද්ධයේදී ඖෂධ පිණිස ඉන්දියාවේ හිමාලයන් ගෙනා කනදක කොටසක් ලෙසින් රිටිගල සැලකේ.


දුටු ගැමුණ රජතුමාගේ  යෝදයෙකු වූ ගෝඨයිම්බර  හා  රිටිගල ජයසේන නම් යක්ෂ ගෝත්‍රික නායකයා අතර සටන නිසා  මහ සොහොන් කතා පුවත නිර්මාණය වී ඇත. ලංකාවේ බිහිවුණු බිහිසුණු සටන් කලාවක් වන  අංගම් සටන් කලාව රිටිගල ආශ්‍රිතව නිර්මාණය වුණ එකක් ලෙස සැලකේ.

මෙය උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව හා කැකිරාව යන ප්‍රදේශවලට නුදුරුව පිහිටා ඇත.රිටිගල වියළි කලාපයට අයත් උස කදු වැටියකි.එහි උපරිම උස මීටර් 600ක් පමණ වේ.ඊසාන දිග හා නිරිත දිග යන දෙමෝසමෙන්ම වැස්ස ලැබෙයි.වාර්ෂික වර්ෂාපතනය මි.මී.1500 ක් පමණ වේ.මල්වතු ඔය , නා ඇළ ,මහදිගල හා දේව ඇළ රිටිගල හා සබැදි ඇළ දොළ ගංගා වේ.මේ රක්ෂිතය අවට කිහිරියක්ගස් වැව.උණගොල්ලෑව වැව,සියඹලා වැව,කරඹ වැව ආදී වැව් රැසක් දැක ගැනීමට පුලුවන.

රිටිගල රක්ෂිතයේ ගොඩපර,වල්දෙල්,හොර,බදුල්ල,බටදොඹ,මිල්ල,මලබොඩ කිතුල් ,ඇත් දෙමට,දිවුල්,ගම්මාලු,කොහොඹ,පලු,වීර ආදී ශාක බහුලව දැකිය හැකිය.

Share on Google Plus

About Ran Divaina

1 comments: