සිනහව බොහෝ රෝගවලට හොදම ප්රතිකාරයයි


සිනහව නිසා සිරුරේ සෑම අවයවයක්ම  ඉතා යහපත් ප්‍රතිචාර දක්වන්නට පෙලඹේ.සිනාසෙන ඕනෑම අයෙකුගේ ශ්වසන වේගය වැඩිය.මදක් සිනාසෙන අයෙකු දිහා බලා සිටින්න.එවන් අයෙකුගේ උදරයේ,බෙල්ලේ,උරහිස්වල හා මුහුණේ මාංශ පේශී වේගයෙන් චලනය වන අයුරු ඔබට දැකගත හැක.ඉන් මිනිස් සිරුරට ලැබෙන ප්‍රධානම වාසිය ඔබ දන්නවාද?නිතර  සිනහවෙන් කල් ගෙවන අයගේ රුධිරයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිය.එමෙන්ම මනාව සිනාසෙන අයගේ සිරුරේ සමට රුධිර කේශ නාලිකා විස්තාරණය වීම යහපත්ය ව සිදුවේ



සිනහවෙන් ලැබෙන තවත් වාසි

සිනාවෙන විට ධමනි සිදුරු මහත් වෙන බැවින් හෘද ස්පන්දන වේගය යහපත් ලෙස අඩු මට්ටමක පවත්වා ගත හැක.සිනහවෙන් මුව සරසන්නාගේ සිරුර තුල  මනා ලෙස ආහාර ජීරණය වී ආහාර රුචිය වැඩි කරයි.මිනිත්තුවක්   තුල මනාව කෙරෙන සිනහවකින් මිනිත්තු හතලිස් පහක් ශරීරය නිදහසේ ලිහිල්ව තබා ගත හැකි බව නවීන වෛද්‍ය විද්‍යා පර්යේශණ මගින්  ඔප්පු කර ඇත.එවගේම  මෙහිදී ඔබ මතක තබා ගත යුත්තේ සිනා නොවී බැරි කමට සිනාසීම නොව සිරුරේ අංග චලනය කරමින් ඉතාමසතුටින් ප්‍රීතිමත්ව සිනාසීම නියම සිනහවයි.



 මානසික ආතතියෙන් පෙළුණු පිරිසක් කැදවා කල පරීක්ෂණයකින්  එක් පිරිසකට විකට චිත්‍රපට නරඹමින්  සති 2ක්  කාලයක් ගතකරන්න දී   අනිත් පිරිස සාමාන්‍ය තත්වයේ තබන ලදී.එහි ප්‍රතිපලය වූයේ  විකට චිත්‍රපට බලමින් කාලය ගතකල අය මානසික ආතතියෙන් මිදුණු බවයි ඔවුන්ගෙන් සමහරක් සම්පූර්ණයෙන්ම හා  අන් අය 70% ක්ද  සුවපත් වූහ..



“සිනහව ඉනාවකි“,සිනහසී තරවෙන්න.වැනි වැනි අපේ පැරැන්නන්ගේ වචනවල රහස දැන් හෙලිවී  ඇති බව ඔබට වැටහෙනු ඇත.නවීන වෛද්‍ය වරුන්ට කලින් අපේ පැරැන්නන් එම විද්‍යාත්මක සත්‍යය දැන සිටි අයුරු පුදුම සහගත සිදුවීමකි.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment