රාවණ රජතුමාගේ ගුවන් තොටුපල


අපි ගුවන් තොටුපළ ගැන අහලා තියෙනවා. ලංකාවේ අළුත්ම ගුවන් තොටුපළ තියෙන්නේ හම්බන්තොට. ඒ වගේම ලංකාවේ පළවෙනි ගුවන් තොටුපළ ගැනත් තොරතුරු වාර්තා වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි. ඒ තමයි උස්සන්ගොඩ.එතැන තමයි රාවණ රජතුමාගේ ගුවන් තොටුපල තිබුණා යැයි ජනප්‍රවාදයේ එන්නේ. උස්සන්ගොඩ තියන්නේ මුහුද අද්දර තියෙන තැනිතලාවක්.මේ තැනිතලාව ටිකක් විතර හොර්ටන් තැන්නට සමානයි.

 

මෙතන තියෙන්නේ රතු පස්, නිකං අමුතු ජාතියේ ගල්. ඒ වගේම මෙතන වෙරළේ දකින්න තියෙන ස්වභාවයත් හරි අමුතුයි. මේ අපුරු භූමියේ ගස් වැල් වැවෙන්නේ නෑ. තියෙන්නේ තෘණ විතරයි. මේ නිසා මේ උස්සනගොඩ ගැන එක එක විදිහේ ජනප්‍රවාද ජනවහරේ තියෙනවා.



 

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment