සැන්ගාරියා




අපගේ ලොව  පුරා පැතිර ඇති මහ සමුදුරු ,ගංගා,විල් ,මහා ජලාශ  පෘථිවිය මත ඇති ජීවයේ ප්‍රභවය වෙයි.ඈත අභ්‍යවකාශයේ සිට බලන්නෙකුට පෘථිවිය  පෙනෙනුයේ නිල් වන්  පළිගුවක් මෙනි.ගණිත විදානුකූලව පැවසිය නොහැකි වුවද  මේ මහ පොලව මත මුහුදු හෝ ජලාශයක් යැයි කිව හැකි දේකට ඉතාමත් ඈතින් පිහිටි ජනශුන්‍ය භූමියක් ගැන ඔබ අසා තිබේද?

 එවන් ස්ථානයක් දැක ගැනීමට නම් උතුරු චීනයේ කසාත්සථාන්  දේශසීමාව අසලට ඔබ යායුතු වේ. සැන්ගාරියා  නිම්නය පිහිටා ඇත්තේ දැඩි සුළගින් පීඩා විදින සැන්ගාරියා නිම්නයට බාහිර ලෝකය සමග සම්බන්ධ වීමට ඇති එකම මග එහි වෙසෙන බ්‍රැක්ටියන් ඔටුවා පමණි.

 එහි සිට මුහුදට හෝ වෙනත් ජලාශයක් යැයි කිවහැකි ස්ථානයකට ඇති දුර සැතපුම් 1645 කි. එයද ගල් ගැසුනු ආක්ටික් (උතුරු) සයුරයි. එයටද යායුතු වන්නේ දැවැන්ත සයිබීරියාව හරහායි. ඉන්දියානු සාගරය දැකීමට නම් දැවැන්ත හිමාලය කදු වැටිය හා ටිබෙට් සානුව තරණය කල යුතු වෙයි. අඩු ගණනේ චීනයේ යැංසි ගංගාවේ පහස ලැබීමට නම් කුරිරු වූ ගෝබි කතර පසු කල යුතු වෙයි.මෙයින්ම සැන්ගාරීයාව  කෙතරම් ජලයෙන් ඈත්ව පිහිටි දේශයක්දැයි  ඔබට සිතා ගත හැකි වනු ඇත

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment