මහා බාධක පරය(Great Barrier Reef)

ලෝකයේ පුදුමය දනවන මේ ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඊශාන දිග වෙරලේ පිහිටා ඇති මහා බාධක පරයයි.ඕසට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත  ප්‍රාන්තයේ වයඹ දිග මුහුදු තීරය දිගේ සැතපුම් 1260 ක් පුරා දිවෙන මෙම මහා කොරල් පරය  ඇත්ත වශයෙන්ම මහා පවුරකි.

 මෙම කොරල් පරයේ නැගෙනහිර දිශාව පෙණ පිඩු නගා හඩා වැටෙන  රළ පහරින් යුතුව කොරල්  මුහුදින් සැදී ඇත.බස්නාහිර ප්‍රදේශය පළලින් සැතපුම් 50 ක් පමණ යුතු නිල්වන් මුහුදකි.ශතවර්ෂ සිය ගණනක් පුරා ප්‍රකෝටි සංඛ්‍යාත බුහුබාවන්ගේ දිරා ගිය සැකිලිවලින් එකතු වූ ද්‍රව්‍ය මගින් මහුදෙන් ඉහලට හිස ඔසවා සිටින දැවැන්ත ප්‍රාකාරය නිර්මෘණය  වී තිබේ. ‍
මහා බෘධක පරය ලෝපුරා සංචාරකයන්ගේ නොමද ආකර්ශණයට ලක්වූ ස්ථානයකි
Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment