උග්ගල් අලුත්නුවර දේවාලය

සබරගමුව පලාතේ ඉමුල්පේ ප්‍රාදේශිකයට අයිතිවෙන මේ දේවාලය උග්ගල් අලුත්නුවර දේවාලය විදිහටත් බලංගොඩ අලුත්නුවර දේවාලය විදිහටත් ව්‍යවහාරයේ තියෙනවා. අතීතයේ මැදගම දේවාලය කියලත් හඳුන්වලා තියෙන්නේ මේ දේවාලයමයි කියලයි කියන්නේ. මගේ ගමන් බිමන් ලිපි පෙලේ එන ඇඳිරිලෙණ කියන තැන බලන්න ගියාම මෙතැන ගැන දැනගන්න ලැබුණේ. කොහොම වුනත් මෙතැන කතරගම දෙවිඳුන් ජීවමානව වැඩඉන්න තැනක් කියලත් විශ්වාසයක් තියෙනවා. බලංගොඩ - බණ්ඩාරවෙල පාරේ කිලෝමීටර 10ක් විතර ගියාම අලුත්නුවර දේවාලයට යන්න නාම පුවරුවක් දාලා තියෙනවා. එතැනින් හැරිල කිලෝමීටර භාගයක් විතර ගියාම දේවාල භූමියට යන්න පුළුවන්.



 දේවාලය ගැන විවිධ කතාන්දර තියෙනවා. එහි පුරාණ කැටයම් බාල්ක, උළුවස්ස, පුරාණ සඳකඩ පහණ, පුරාණ ලිඳ හා ඒ අවට තහඩු වල කැටයම් ආදී දේවල් තියෙන බව දැනගන්න ලැබුණත් අපිගිය දවසේ දේවාලය වහලයි තිබුණේ. කොහොම වුනත් පැරණි බෝ ගස, කොස් ගස නම් දකින්න පුළුවක් වුනා. මේකේ පෙරහැර මංලල්‍යයක්ද කෙරෙනවා කියලයි කියන්නේ. ලංකාවේ අනිත් තැන් වලට වඩා විශේෂ විදිහටයි ඒ දේ සිදුවෙනවා කියන්නේ. එකක් තමා පෙරහැර නවාතැන් ගන්නා ස්ථාන දෙකක් තිබීම. විශේෂිත කල
එලියකින් තවත් පෙරහැරක් ගමන් කරවීම. දියකපන දිනට පෙර සිංහාසනයේ සිට ගමන් ගන්නා "වීදිදාස් වැඩමවීම" නමින් හැඳින්වෙන තවත් පෙරහැරක් ගමන් කරවීම දකින්න පුළුවන් කියලයි කියන්නේ


 දේවාලයේ ඉතිහාස කතාව දැනගන්න ලැබුණයින් සංක්‍ෂිප්තය මෙහෙමයි. මුලින්ම මැදගම දේවාලය ගැන කතාව. ක්‍රිස්තු වර්ශ 1300දී විතර මේ ප්‍රදේශය මහා වනාන්තරයක්.  ඒ කාලයේ කතරගම වන්දනාව සඳහා ඉන්දියාවේ සිට එන්නවුන්ට මාර්ගයක් තිබිල තියෙනවා මේ හරහා. ඉතින් වන්දනාවේ ආව බ්‍රාහ්මීන් පිරිසක් රාත්‍රිය ගතකරල තියෙන්නේ මේ වනාන්තරයේ. එයින් එක් බමුණෙක් සිහිනයෙන් දැකල තියෙනවා කඳසුරිඳු ඒ කියන්නේ කතරගම දෙවියන් වහන්සේගේ අතින් අහස ගුගුරුවාගෙන ස්වර්ණායුධයක් වැටෙනවා. පසුදා උදේ ලඟ තියෙන ජලාශය ගිවට ගියාම සිහිනයෙන් දුටු ස්වර්ණායුධය වැවේ තියෙනවා දැකල. ඒත් ඒක ලන්න හදද්දී වැව බොරවෙලා මිසක් ඒක හමුවෙලා නෑ. ආයෙත් වැව පැහැදිලි වෙද්දී ඒක තියෙනවා පෙනිලා. වැඩේ තේරුම් අරන් උඩ බැලුවාම එතැන තිබුන ගහ මුදුනේ ඒක තියෙනවා දැකලා තියෙනවා. පස්සේ ඉනිමං බැඳලා කඳකුමාරයාට පුජා පවත්වල ඒක අරන් සති කීපයක් පුජා පවත්වලා තියෙනවා. පස්සේ ඒ කාලේ හිටපු සූරිය කියල රජකෙනෙකුට දන්වලා තියෙනවා. රජතුමා මෙතැන දේවාලයක් ඉදිකරවලා මේ ස්වර්ණායුධය තියල පූජා පැවැත්තුවා කියලයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. ඊට අවුරුදු 200කට විතර පස්සේ අලුතෙන් දේවාලය ඉදිකරවලා තියෙන්නේ යාපා කියන රජතුමා විසින්ලු. ඔහු එහි දාගැබ හා විහාරගෙයක්ද ඉදිකරවලා තියෙනවා.

මහාවංශය රාජාවලිය වගේ ඓතිහාසික මුලාශ්‍රවල මේ කියන රජවරු ගැන කියවෙන්නේ නැතත් තාමත් ජනප්‍රවාදයේ නම් ඒ ගැන කතාවෙනවා වාගේම මේ අවටින් ඒ කතාව සත්‍ය වෙන්න කරුණු කාරණා නම් ඕනෑ තැම් හොයාගන්න පුවවන්. මමත් මේ පිලිබඳ විස්තර අන්තර්ජාලයේ හොයද්දී හමුවුන පොතකත් මම අහපු කාරණා පිලිබඳ දීර්ඝ විස්තරයක් දකින්න පුළුවන් වුන නිසා ඒ හා සම්බන්ධ ලිපියත් මෙතැනට සම්බන්ධ කරන්න හිතුවා

මූලාශ්‍රය-http://sulakkhana.blogspot.com
Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment