මරණයේ මිටියාවත

කැලිෆෝනියාවේ විට්නි කදුවැටිය අභියස පිහිටි ඩෙත් වැලි  පෙදෙස  බටහිර අර්ධගෝලයේ පිහිටි මුහුදු සට්ටමෙන් පහත පිහිටි එකම ස්ථානයයි.(අඩි 282)..ඇමරිකාවේ සටහන් වූ අධිකම උෂ්ණත්වය සටහන් වී ඇත්කේද මෙහිය..ඒ 1913 ජූලි මස සටහන් වූ ෆැරන්හයිට් 1340 ක උෂ්ණත්වයයි. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට්1160 කි.


අකාරුණික මෝජෝව්  කාන්තාරය මැද පිහිටා  ඇති ඩෙත් වැලි හි කිසි දිනක  ස්ථිර මනුෂ්‍ය වාසස්ථාන තිබුනේ නැත. එහෙත් ධනාශාවෙන්  ලොල්  බැදි මිනිස්සු  19 සියවසේ දී මේ මාරාන්තික මිටියාවතක ආක්‍රමණය කලහ. ඒ  වටිනා රත්රන් හා බොරැක්ස් සොයාගෙනය.

මේ මරණයේ මිටියාවතේ ස්වදේශික මිනිසුන්ද ස්ථිර වාසස්ථාන සාදා ගෙන නොසිටියහ. එහෙත් නිතර සංචාරයේ නියැලුනු ෂෝ ශොන්  ජනයා මේ බිම පසු කරමින් එහා මෙහා ගියහ. මෙහි ඇති වැදගත් ඛනිජය බොරැක්ස් වූ අතර 20 සියවස තෙක් මේ ඛනිජය සොයා පැමිණි මිනිසුන් නිසා මෙම පෙදෙසේ මිනිස් ක්‍රියාකාරකම් දක්නට ලැබිණි.

ඔවුන් විසින් සිය අරමුණු ඉටුකර ගත් පසු අත්හැර ගිය  පතල් අද එහි ජාතික ස්මරණ බවට පත්ව ඇත.මුහුදු මට්ටමට පහලින් පිහිටි මෙම මරණයේ මිටියාවත සැතපුම් 57 ක් දිගය.

  *අදින් වසර දහස් ගණනකට පෙර මහා කැලෑවක්ව තිබූ සහරා කාන්තාරය

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment