බෙල්ලන්විල රජමහා විහාරය

අගනුවර සිට දෙහිවල මංසන්ධියේ සිට මහරගම දෙසට කි.මී .3ක පමණ යනවිට මෙම ‍ෙඔතිහාසික රජමහා විහාරය හමුවේ. සඝමිත් තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධි ශාඛාවෙහි හටගත් දෙතිස් ඵල  බෝධියෙන් එකක් ලෙස බෙල්ලන් විල පුදබිමේ රෝපණය කල බව ඉතිහාසයේ දැක්වේ..

කලක් තිස්සේ වල් බිහිවී තිබූ මේ පුණ්‍ය භූමිය නැවත සොයාගෙන ප්‍රතිසංස්කරණය කරන ලද්දේ තෙන්නේගොඩ ගෙදර ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

1950 පමණ අරඹන ලද බෙල්ලන්විල ඇසළ පෙරහැර  අද දක්වාම පැවැත්වේ. අලංකාර බිතුසිතුවමින් වර්ණවත් කල පෞරාණික විහාර මන්දිරයක් ,චෛත්‍යයක්,ධාතුමන්දිරයක්  හා විෂ්ණු කතරගම ආදී දේවාල සමුහයකින්ද මේ  විහාරය පරිපුර්ණය..දස දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ නොමද  ගෞරවාදරයට පත් බෙල්ලන්විල  රජමහා විහාරය කැලණිය ,ශ්‍රී දළදා මාලිගාව තරම්ම බෞද්ධයන්ට වැදගත් ස්ථානයකි

ඓතිහාසික බෝධීන් වහන්සේ
 

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment