එජාප-ශ‍්‍රිලනිප හවුලෙන් ශ‍්‍රිලනිපයට කිසිම හානියක් නෑ.. පක්‍ෂය තවත් ශක්තිමත් වෙනවා..

එජාප-ශ‍්‍රිලනිප ගිවිසුම්ගතව ආණ්ඩුවක් පිහිටුවා තිබීම නිසා ශ‍්‍රිලනිපයට කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.
සම්මුතිවාදි ආණ්ඩුව නිසා ශ්‍රීලනිපය කිසිදු පිරීහීමක් වී නැති බවද පෙන්වා දුන් ඔහු ශ‍්‍රීලනිපය තව දුරටත් පක්ෂයේ ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණ හා මහමැතිවරණ ප්‍රතිඵලයන් අනුව සම්මුතිවාදි ආණ්ඩුවක් පිහිටුවීම අනිවාර්යෙක්ම කල යුතුව තිබු බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේය.
Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment